(නිමන්ති රණසිංහ)
උද්ඝෝෂණකරුවන් ලෙස පෙනී සිටින ඇතැම් කණ්ඩායම් රටේ වැදගත් ආර්ථික මර්මස්ථානවලට අයුතු ලෙස ඇතුල් වී ඒවාට පහර දී ආර්ථිකය කඩා වැට්ටවීමේ සූදානමක් පවතින බව බුද්ධි අංශ තොරතුරු වාර්තා කර ඇතැයි කොටුව පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට වාර්තාවක් ඉදිරිපත් කරමින් අද (07) දැනුම් දුන්නේය.
උද්ඝෝෂණ පවත්වමින් එම පිරිස් ආර්ථික මධ්‍යස්ථානවලට පහරදීම් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් ආර්ථිකය කඩා වැට්ටවීමේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක නිරත වීමේ සූදානමක් සූදානමක් ඇති බවට මෙම බුද්ධි අංශ වාර්තා කර ඇතැයි ද කොටුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම උද්ඝෝෂණකරුවන් ගෙන් ඇතැම් පිරිස් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ විදෙස්ගතව සිටින අන්තවාදීන් සමග ඍජු සම්බන්ධතා පවත්වා ඇති බවට ද බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි කොටුව පොලිසිය
අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කළේය.

